ෆෙර්නාවෝ ද ඇල්බුකර්ක් (ආල්බුකෙර්ක)

සිංහල විශ්වකෝෂය වෙතින්
14:23, 22 ඔක්තෝබර් 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('කලක් ගෝවේ පෘතුගීසි ප්‍රතිරාජවරයාව සිටි මෙතෙම...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

කලක් ගෝවේ පෘතුගීසි ප්‍රතිරාජවරයාව සිටි මෙතෙම ලංකාවේ ප්‍රතිකාල් කපිතන් ජනරාල්වරයකු වූ ජෝර්දි ද ඇල්බුකර්ක්ගේ පියාය. මොහු ක්‍රි.ව. 1578 දී ලංකාවේ පෘතුගීසි හමුදාවේ සේනාපති ධුරයක් ද දැරුවේය. ඔහු මෙම ධුරයේ නව මසක් කටයුතු කෙළේය. ඔහුගේ අණ පරිදි පෘතුගීසි හමුදාව විසින් එක් පසකින් මීගමුව, හලාවත හා මාදම්පේ යන ප්‍රදේශ ද අනික් පසින් කළුතර, අලුත්ගම, වැලිතර, මග්ගොන, බේරුවල හා ගිංතොට යන ප්‍රදේශ ද විනාශ කරන ලද බව සඳහන් වේ. පෘතුගීසි හමුදාවන්ට මෙවැනි විනාශකාරී ක්‍රියාවන් කිරීමට අවස්ථාව ලැබුණේ එකල මායාදුන්නේ මහනුවර රාජ්‍යය සමඟ සටන් වැදී සිටි හෙයිනි.

1619 දී කොන්දේ ද රෙදොන්දුගේ මරණයෙන් හිස් වුණු ගෝවේ ප්‍රතිරාජ පදවියට ෆෙර්නාවෝ ද ඇල්බුකර්ක් පත් විය. කොන්ස්තන්තීනු ද සා යාපනේ රාජ්‍යය පෘතුගීසින් වෙනුවෙන් අයත් කර ගත් පසු එම රාජ්‍යයෙන් පහ කරන ලද සංකිලි කුමාරයා ගෝවට යවන ලද්දේ මොහුගේ පාලන සමයේ දීය.

1515 සිට ම පෘතුගීසීන්ට අයත්ව තිබුණු ඕර්මුස් බලකොටුව ඉංග්‍රීසින්ගේ ආධාර ඇතිව පර්සියානුන් ආපසු ලබා ගැනීම ඔහු ප්‍රතිරාජවරයාව සිටි කාලයේ දී සිදු වූ වැදගත් සිද්ධියකි.

(සංස්කරණය: 1967)