ඇල්සෙස්ටිස්

සිංහල විශ්වකෝෂය වෙතින්
15:30, 22 ඔක්තෝබර් 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(Alcestis). ග්‍රීක දේවකථාවන්හි එන, ස්වාමි භක්තියෙන්...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Alcestis). ග්‍රීක දේවකථාවන්හි එන, ස්වාමි භක්තියෙන් ජීවිතය පිදූ වීරවරියක වූ මෝතොමෝ පීලියස් (Pelias) රජුගේ දියණියයි. ඇඩ්මීටස් (Admetus) රජුගේ භාර්යාව වූවාය. පීලියස්ගේ ඉල්ලීම පරිදි මැය විවාහ කරගැනීමට ඇඩ්මීටස් පැමිණියේ වනසතුන් විසින් අදනා ලද රථයකිනි. ඇඩ්මීටස් මාරාන්තික රෝගයකින් පෙළුණේය. යමකු ඔහු වෙනුවෙන් මරණයට ඉදිරිපත් වුවහොත් ඔහුට ජීවිත දානය කරන බවට ප්‍රතිඥාවක් විය. ඔහුගේ දෙමාපියන් පවා පසුබාද්දී ඒ සඳහා ඇල්සෙස්ටිස් නොපැකිළ ඉදිරිපත් වූවාය. එහෙත් හර්කියුලීස් ඇය මුදා ගෙන නැවතත් සැමියා සමඟ විසීමට ඉඩ සලසා දුන්නේය.

මේ ආඛ්‍යානය යුරිපිඩීස් (Euripides) කවියාගේ ‘ඇල්සෙස්ටිස්’ නාටකයෙහි සපුරා විස්තර වෙයි.

(සංස්කරණය: 1967)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඇල්සෙස්ටිස්&oldid=12040" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි