ඉලායස් ඇෂ්මෝල්
සිංහල විශ්වකෝෂය වෙතින්
09:05, 23 ඔක්තෝබර් 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(Elias Ashmole) (1617-1692). බ්‍රිතාන්‍ය ජාතික පුරාවස්තු ගවේෂක...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන
(Elias Ashmole) (1617-1692). බ්‍රිතාන්‍ය ජාතික පුරාවස්තු ගවේෂකයෙකි. මුල දී නක්ෂත්ර විද්‍යාව හා රස විද්‍යාව කෙරෙහි ඇල්මක් දැක්වූ මොහු විවාහයෙන් පසු පුරාවස්තු පිළිබඳව පර්යේෂණ පැවැත්වීමෙහි නිරත විය. දෙවැනි චාල්ස් රජුගේ කාලයේ දී නයිට් පදවියකින් සම්මාන ලැබූ ඇෂ්මෝල් 1672 දී ‘ගාටර් පදවිය පිළිබඳ සංස්ථා, නීති හා චාරිත්‍ර විධි’ (Institutions, Laws and Ceremonies of the Order of the Garter) නමැති ග්‍රන්ථය ප්‍රසිද්ධියට පැමිණවීය. ලෝකයේ නොයෙක් රටවලින් සොයාගනු ලැබූ අගනා කෞතුක වස්තු රාශියක් මොහුට අයත්ව තිබිණ. ඒ සියල්ලත් පසුව ස්වකීය පුස්තකාලයත් ඇෂ්මෝල් විසින් ඔක්ස්ෆඩ් විශ්වවිද්‍යාලයට ප්රදානය කරන ලදි. එම වස්තු හා පොත්පත් තැන්පත් කළ ගොඩනැඟිල්ල ‘ඇෂ්මෝලියන් කෞතුකාගාරය’ නමින් ප්‍රසිද්ධය.
(සංස්කරණය: 1967)