ඔසොර්නෝ
චිලි රටේ දකුණුදිග පළාතකි. එහි අගනුවර ද එනමින් ම හැඳින්වේ. උතුරින් බාල්දිව්යා (Valdivia) පළාත ද දකුණින් යාංකීවෙ (Llanquihue) පළාත ද බටහිරින් ශාන්තිකර සාගරය ද නැගෙනහිරින් ආජන්ටිනාව ද දේශසීමා කොට ඇති මේ පළාතේ විශාලත්වය වැ.සැ. 3566කි.
මෙහි දේශගුණය සෞම්‍යය. සතුන් ඇති කිරීම හා කෘෂිකර්මය දියුණුය. තිරිඟු, අර්තාපල් හා ඕට් වැවීම ද කිරිවලින් විවිධ ආහාරවර්ග නිපදවීම ද කරනු ලැබේ. මධ්‍යම තැනිතලාව හරහා සන්තියාගෝ-ප්වෙර්ටො මොන්ට් දුම්රිය මාර්ගය වැටී තිබේ. නැගෙනහිර පෙදෙසෙහි ඇති රාංකෝ, පූයේවේ (Puyehre) හා රූපාංකෝ යන විල් ද කඳු හා වනාන්තර ද ආශ්රිත චිත්තාකර්ෂණීය දර්ශන ගැනත් උණුදිය උල්පත් සහිත සුඛස්ථාන හා හිමක්රීඩා ගැනත් මේ පළාත මහත් ප්‍රසිද්ධියක් උසුලයි. ජනගහනය (1960) 144,005කි.
පළාතේ අගනුවර වූ ඔසොර්නෝ දකුණු චිලිරටට සංචාරකයන් ඇදී යන සුප්‍රසිද්ධ ප්‍රදේශයට ඇතුළු වන දොරටුවය. ජනගහනය (1960) 55,091කි.
(සංස්කරණය: 1974)