ඔසා
සිංහල විශ්වකෝෂය වෙතින්
12:15, 27 ඔක්තෝබර් 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(වත්මන් - කිසෝවෝ, කිසාවෝ). ග්‍රීසියේ තෙසලි ප්...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන
(වත්මන් - කිසෝවෝ, කිසාවෝ). ග්‍රීසියේ තෙසලි ප්‍රදේශයේ පිහිටි කන්දකි. මෙහි උස අඩි 6,490ක් පමණ වේ. මෙය ඔලිම්පස් කඳුවැටියෙන් වෙන් වන්නේ ටෙම්පේ නමැති මිටියාවතෙනි. මීට දකුණින් පිහිටි පීලියොන් කන්ද මෙය පිට පටවා ඔලිම්පස් කඳු මුදුනට නැඟ දිව්‍ය ලෝකය අල්ලා ගැනීමට අලෝයිඩේ නම් ග්‍රීක අසුරයන් තර්ජනය කළ බව ග්‍රීක දේවකථාවලින් කියැවේ.
(සංස්කරණය: 1974)