ඕල්ටන්
සිංහල විශ්වකෝෂය වෙතින්
10:08, 11 නොවැම්බර් 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('උතුරු ස්විට්සර්ලන්තයේ නගරයකි. සෝලෝටූර්න් ප්...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන
උතුරු ස්විට්සර්ලන්තයේ නගරයකි. සෝලෝටූර්න් ප්‍රදේශයෙහි ආර ගඟබඩ ජූරා කඳු පාමුල සුරීක් නගරයට සැතපුම් 30ක් පමණ බටහිරින් පිහිටා තිබේ. දුම්රිය මාර්ග මධ්‍යස්ථානයක් වූ මෙහි ස්විට්සර්ලන්තයේ ඉතා කාර්‍ය්‍ය බහුල දුම්රිය පොළ පිහිටා තිබේ. පාවහන්, සබන්වර්ග, රෙදිපිළී, සිමෙන්ති, දුම්රිය යන්ත්‍රෝපකරණ ආදිය සෑදීම මෙහි ප්‍රධාන කර්මාන්තය. මේ නගරය ආරම්භ වූයේ 1201 දීය. ජනගහනය (1970) 21,209කි.
(සංස්කරණය: 1974)