ඕල්ඩර්ෂොට්

සිංහල විශ්වකෝෂය වෙතින්
11:09, 11 නොවැම්බර් 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(Aldershot). එංගලන්තයේ නාගරික ඡන්ද කොට්ඨාසයකි. ලන්ඩන...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Aldershot). එංගලන්තයේ නාගරික ඡන්ද කොට්ඨාසයකි. ලන්ඩන් නගරයට සැ. 34ක් නිරිත දිගින් හැම්ප්ෂයර් කෝරළයෙහි පිහිටා ඇති මෙය බේසිංස්ටෝක් ඇළෙන් වට වී ඇත. ප්‍රමාණය ව.සැ. 6.5කි. එක්සත් රාජධානියේ විශාලතම වූ ද අංග සම්පූර්ණ වූ ද යුද්ධ අභ්‍යාස මධ්‍යස්ථානය පිහිටා ඇත්තේ මෙහිය. 1855 වන තුරු ම සුළු ග්‍රාමයක් ව තිබුණු ඕල්ඩර්ෂොට් යුද කඳවුර පිහිටුවනු ලැබීමෙන් පසු ක්‍රමයෙන් දියුණු වන්නට විය. මෙය ඡන්ද කොට්ඨාසයක් බවට පත් වූයේ 1922 දීය. ජනගහනය (1971) 33,311කි.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඕල්ඩර්ෂොට්&oldid=12087" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි