ඕක්ලන්ඩ් (3)
නවසීලන්තයේ ඉතා ම විශාල නගරය වන මෙය එහි ප්‍රධාන මුහුදු තොට ද වේ. උතුරු දිවයිනේ නැගෙනහිර වෙරළේ පිහිටි මෙනුවර ඕක්ලන්ඩ් (2) බ.) පළාතේ අගනුවරය. මෙහි ජනගහනය (1971) 650,000කි.
මේ නගරයෙහි විශ්වවිද්‍යාලයක් ද කලා භවනක් හා පුස්තකාලයක් ද අගනා මාඕරි කලා කෘතීන් අඩංගු කෞතුකාගාරයක් ද වැදගත් නාවික කඳවුරක් ද ඇත. නිව්ටන්, හාර්නල් හා නිව්මාකට් මෙහි ප්‍රත්‍යන්ත නගරයෝයි. නවසීලන්තයේ අගනුවර වූ වෙලිංටන් හා උතුරු දිවයිනේ අනිකුත් මධ්‍යස්ථාන සමඟ මෙනුවර දුම්රිය හා ගුවන් මාර්ගවලින් සම්බන්ධ වී ඇත. 1840 දී මෙනුවර පිහිටුවූ තැන් සිට 1860 දක්වා එය නවසීලන්තයේ අගනුවරව පැවැත්තේය. 1860 දී වෙලිංටන් අගනුවර හැටියට ප්‍රකාශ කැරිණි.
ඕක්ලන්ඩ්හි සීනි කර්මාන්තශාලා ද නැව් හා යුද්ධෝපකරණ තනන කම්හල් ද ඇත. හම්, කිරි, වෙඬරු හා කේජු කර්මාන්ත මෙහි දියුණුය. නගරය පිහිටි ප්‍රදේශය සෞඛ්‍ය මධ්‍යස්ථානයක් වශයෙන් මෙන් ම උණුදිය උල්පත් නිසා ද ප්‍රසිද්ධියට පත්ව ඇත. ඕක්ලන්ඩ් වරාය නවීන පහසුකම්වලින් අනූනය. රටේ නිර්යාතවලින් 1/3ක් හා ආයාතවලින් 1/2ක් මෙම වරාය ඔස්සේ යන එන අතර සාමාන්‍යයෙන් වර්ෂයක දී නවසීලන්තයට සම්ප්‍රාප්ත වන විදේශ නැව්වලින් 1/3ක් පමණ මෙම වරායට පැමිණේ.
(සංස්කරණය: 1974)