ඔස්නබ්රුක්
සිංහල විශ්වකෝෂය වෙතින්
10:41, 23 නොවැම්බර් 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(Osnabrüok). ජර්මනියේ පහළ සැක්සනියෙහි හාස (Hase) ගඟබඩ පිහ...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන
(Osnabrüok). ජර්මනියේ පහළ සැක්සනියෙහි හාස (Hase) ගඟබඩ පිහිටි නගරයකි. හැම්බර්ග්-කොලෝන් හා බර්ලින්-ඇම්ස්ටර්ඩෑම් යන දුම්රිය මාර්ගවල මංසන්ධි මේ නගරයෙහි පිහිටා තිබේ. 1648 දී වෙස්ට්ෆේලියා සාම ගිවිසුම ගිවිස ගනු ලැබුයේ මෙහි දීය. නුදුරින් ගල්අඟුරු ආකර ඇති මෙහි යකඩ හා වානේ කර්මාන්ත විශාල වශයෙන් කරගෙන යනු ලැබේ. දෙවන ලෝක මහා සංග්‍රාමයේ දී මේ ප්‍රදේශයට බෝම්බ හෙළීමෙන් බලවත් අලාභ හානි සිදු විය. මෙහි වූ මරියෙන් කිර්ක (Marien Kirche) නමැති අලංකාර පැරණි දෙව්මැදුර සහමුලින් විනාශ විය. ජනගහනය (1961) 138,658කි.
(සංස්කරණය: 1974)