ඕවර්අයිසල්
(Overijssel). නැගෙනහිර නෙදර්ලන්තයේ පළාතකි. ගෙල්ඩර්ලාන්ට්, ෆ්රීස්ලාන්ට්, ඩෙන්ට යන පළාත්වලින් හා ජර්මන් සමූහාණ්ඩු රාජ්‍යයෙන් වට වූ මෙම ප්‍රදේශය විවිධාකාර භූ ලක්ෂණවලින් යුක්තය. මුහුදු මට්ටමෙන් අඩි 250කට වඩා උස් නොවූ මෙහි ගංගා කිහිපයකි. ලොකු කුඩා ඇළ මාර්ග ද රාශියකි. මුහුදුබඩ සාරවත් ප්‍රදේශවල ගවයන් ඇති කිරීම හා ඒ සම්බන්ධ කර්මාන්ත ද වේ. ඊසානදිග ප්‍රදේශවල ධාන්‍ය හා අල වගාකිරීම වැනි කෘෂිකාර්මික කටයුතු මුල් තැන ගනී. කාර්මික කටයුතු ඉතා දියුණු ඕවර්අයිසල්හි රෙදිපිළී කර්මාන්තය මුල් තැන ගනී. අභ්‍යන්තර නැව් ගමනාගමනය දියුණුය.
විශාලත්වයෙන් ව.සැ. 1,517ක් පමණ වූ මෙහි ජනගහනය 1971 දී 932,946ක් විය. මෙය විසිවැනි ශතවර්ෂයේ උදාවට පෙර පැවති ජනගහනය මෙන් දෙගුණයකටත් වැඩිය. ස්වෝල (Zwolle) අග නගරයයි. කාර්මික හා ගමනාගමන මධ්‍යස්ථානයක් වූ එය නෙදර්ලන්තයේ විශාලතම ගව වෙළඳපළවලින් එකක් ද වේ. සුළු කර්මාන්ත තන්හි තන්හි දියුණු තත්වයක පවතී.
(සංස්කරණය: 1974)