ඕෂිමා

සිංහල විශ්වකෝෂය වෙතින්
11:41, 23 නොවැම්බර් 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(Oshima). ජපානයට අයිති කුඩා දූපත් තුනකි. මේවා කියුෂු...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Oshima). ජපානයට අයිති කුඩා දූපත් තුනකි. මේවා කියුෂු දූපතට දකුණුදිගින් පිහිටා තිබේ. මේ දූපත් තුන කුරෝ-ෂිමා, ඉවෝ ෂිමා, තකේ-ෂිමා යන නම්වලින් හැඳින්වෙයි. ක්‍රමයෙන් ඉහළට නෙරුණු භූමි ප්‍රදේශයක් වූ කුරෝෂිමා අඩි 2475ක් දක්වා උස් වේ. අඩි 2480ක් පමණ උස් වූ සප්‍රාණ ගිනිකන්දක් ඉවෝ-ෂිමා දූපතේ තිබේ.

ජපානයේ ප්‍රධාන ගොඩබිම වශයෙන් සැලකෙන හොන්ෂු දිවයිනේ අග්නිදිග වෙරළෙහි තෝකියෝ වරායට පිවිසෙන තැන අසල පිහිටි දිගින් සැ. 9ක් හා පුළුලින් සැ.5ක් වූ කුඩා දූපත ද ඕෂිමා නමි.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඕෂිමා&oldid=12121" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි