ඕස්ට්රලොයිඩ්
සිංහල විශ්වකෝෂය වෙතින්
15:37, 23 නොවැම්බර් 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('කොකේසියානු (කෝකසොයිඩ්) මානවවංශයේ උපගෝත්රයක්...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන
කොකේසියානු (කෝකසොයිඩ්) මානවවංශයේ උපගෝත්රයක් හැටියට ඇතැම් මානවවංශ විද්‍යාඥයන් විසින් සලකනු ලබන මෙම ඕස්ට්‍රේලියානු ආදිවාසී ජනයා ශ්‍රී ලංකාවේ වැද්දන්ට ද නෑකම් දක්වන කොටසකි. සමහර මානවවංශ විද්‍යාඥයෝ ඕස්ට්රලොයිඩ්වරුන් පුරාකොකේසියානු (Archaic-Caucasoid) එනම් ප්‍රාක්තම යුරෝපීය නම් වූ වෙනස් ප්‍රභේදයක් හැටියට දක්වති. කළු අක්බඹුරු හිස කෙස් ඇති මොවුන්ගේ ශරීරය ද සාමාන්‍යයෙන් රෝමයන්ගෙන් ගැවසී ඇත. ඔවුන්ගේ ඇස් ගිලී ඇත. තොල් ඝනය. සාමාන්‍ය පිරිමියකුගේ උස අඩි 5කට වැඩිය.
1788 දී ඕස්ට්රලොයිඩ් ජාතික විවිධ උපගෝත්රවලට අයත් ඕස්ට්‍රේලියානු ආදිවාසීන් 350,000ක් පමණ විසූ බව සලකතත් 1960 දී අමිශ්‍ර ඕස්ට්රලොයිඩ් ගෝත්‍රිකයන් 45,000කට වඩා නොසිටි බව ගණන් බලා තිබේ. (ඕස්ට්‍රේලියානු ආදිවාසීහු බ.)
(සංස්කරණය: 1974)