ඔස්රෝඊනි

සිංහල විශ්වකෝෂය වෙතින්
08:54, 26 නොවැම්බර් 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(Osroene). වයඹ දිග මෙසපොටේමියාවේ පැරණි කොට්ඨාසයක් ව...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Osroene). වයඹ දිග මෙසපොටේමියාවේ පැරණි කොට්ඨාසයක් වූ මෙය සෙලියුකස් රජු විසින් පිහිටුවනු ලැබූවකි. එවක ඉදෙසා එහි අගනුවර විය. පසුව ක්‍රි.පූ. 130 පමණේ දී ඔර්හෝඑයි (Orrhoei) නම් සංචාරක අරාබි ගෝත්‍රයක් ඉදෙසා අයත් කොටගෙන කුඩා රාජධානියක් පිහිටුවා රාජනාමය ගත් නායකයන් මගින් එය පාලනය කළහ. මෙම රජවරු වැඩි කල් නොගොස් ම පාර්තියන්වරුන් යටතට පත් වූහ. ඉක්බිති ඔවුහු ආර්මීනියානු ටයිග්‍රේනීස් රජුගේත් අනතුරුව ල්‍යුකලස් හා පොම්පේ යන රෝම සෙන්පතීන්ගේ ජයග්‍රහණවලින් පසු රෝමයේත් යටත් රජවරුන් බවට පත් වූහ.

ක්‍රිස්තු ධර්මය මෙහි ගෙනෙනු ලැබීමෙන් පසු මෙහි පැවති පැරණි යාවනික ඇදහිලි හා සංස්කෘතිය යටපත්ව ක්‍රිස්තියානි ශිෂ්ටාචාරය පැතිරෙන්නට විය. 216 වැන්නෙහි දී රෝම අධිරාජ කරකලා ඔස්රෝඊනි රාජධානිය අහෝසි කොට දමා ඉදෙසා රෝම විජිතයක් බවට පත් කෙළේය. 608 දක්වා එම තත්වයේ පැවති ඉදෙසා 625 දී බයිසන්ටයින් පළාතක් බවට පත්ව යළි 638 දී අරාබීන් සතු විය.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඔස්රෝඊනි&oldid=12132" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි