අගස්ති මුනි ශාස්ත්‍රය

සිංහල විශ්වකෝෂය වෙතින්
12:00, 30 මැයි 2023 වන විට පරිපාලක (කතාබහ | දායකත්ව) ('මේ වනාහි අගස්ති ඍෂිවරයා විසින් ලෝකයාගේ හිතවැ...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

මේ වනාහි අගස්ති ඍෂිවරයා විසින් ලෝකයාගේ හිතවැඩ පිණිස ප්‍රකාශ කරන ලදැයි කියන නිමිති ශාස්ත්‍රයකි. සතරැස් සුදුහඳුන් කැටයක් සාදා එහි පැති හතරක 1-2-10-3 යන අංක සටහන් කළ යුතුයි. ඉන්පසු එම සඳුන් කැටය දකුණතින් ගෙන දැනගත යුතු කාරණය සිත තබාගෙන තුන්විටක් බිම හෙළා මතු වී සිටි සංඛ්‍යා තුන අනුව ඉෂ්ටානිෂ්ට ඵල දැනගැනීම මෙහි ප්‍රයෝජනයි. මේ පිළිබඳ විස්තර අගස්ති මුනි ශාස්ත්‍රය නමැති පොතෙහි සඳහන් වේ.

(සංස්කරණය:1963)