අග්‍රබෝධි (අග්බෝ)

සිංහල විශ්වකෝෂය වෙතින්
14:44, 31 මැයි 2023 වන විට පරිපාලක (කතාබහ | දායකත්ව) ('අනුරාධපුර යුගයේ දී ලංකාවේ රජකළ රජවරුන් නවදෙන...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

අනුරාධපුර යුගයේ දී ලංකාවේ රජකළ රජවරුන් නවදෙනෙකුන් හැඳින්වුණේ මේ නමිනි. අග්බෝ, අක්බෝ, අග්බොයි ආදි වශයෙන් ද මේ නම භාවිත වේ. අග්‍රබෝධි නමින් හැඳින්වුණු කුමාරවරුන් කිහිපදෙනෙකුන් ගැන ද චූලවංසයෙහි සඳහන් වෙයි. දෙවන දාඨෝපතිස්ස රජුගේ ඥාති සොහොයුරකු වූ ද, ඔහු යටතේ දක්ෂිණදේශය පාලනය කළා වූ ද කුමාරයා හැඳින්වුණේත් අග්‍රබෝධි නමිනි. රුහුණෙහි ස්වාධීන පාලකයකු වූ, ඔකාවස් පරපුරෙන් බව මහාතිස්ස කුමරුගේ පුත්‍රයා ද හැඳින්වුණේ මේ නමිනි. තුන්වන සේන රජුගේ ඇමතියකු වූ මලය ප්‍රදේශය පාලනය කළ කුමරු ද අග්‍රබෝධි නමින් දන්නා ලදි.

අග්‍රබෝධි නමින් මෙරට රජකළ රජවරුන් නවදෙනා පිළිබඳ විස්තර පහත සඳහන් වේ.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අග්‍රබෝධි_(අග්බෝ)&oldid=1290" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි