අග්රබෝධි (අග්බෝ)
සිංහල විශ්වකෝෂය වෙතින්
14:44, 31 මැයි 2023 වන විට පරිපාලක (කතාබහ | දායකත්ව) ('අනුරාධපුර යුගයේ දී ලංකාවේ රජකළ රජවරුන් නවදෙන...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන
අනුරාධපුර යුගයේ දී ලංකාවේ රජකළ රජවරුන් නවදෙනෙකුන් හැඳින්වුණේ මේ නමිනි. අග්බෝ, අක්බෝ, අග්බොයි ආදි වශයෙන් ද මේ නම භාවිත වේ. අග්රබෝධි නමින් හැඳින්වුණු කුමාරවරුන් කිහිපදෙනෙකුන් ගැන ද චූලවංසයෙහි සඳහන් වෙයි. දෙවන දාඨෝපතිස්ස රජුගේ ඥාති සොහොයුරකු වූ ද, ඔහු යටතේ දක්ෂිණදේශය පාලනය කළා වූ ද කුමාරයා හැඳින්වුණේත් අග්රබෝධි නමිනි. රුහුණෙහි ස්වාධීන පාලකයකු වූ, ඔකාවස් පරපුරෙන් බව මහාතිස්ස කුමරුගේ පුත්රයා ද හැඳින්වුණේ මේ නමිනි. තුන්වන සේන රජුගේ ඇමතියකු වූ මලය ප්රදේශය පාලනය කළ කුමරු ද අග්රබෝධි නමින් දන්නා ලදි.
අග්රබෝධි නමින් මෙරට රජකළ රජවරුන් නවදෙනා පිළිබඳ විස්තර පහත සඳහන් වේ.
(සංස්කරණය:1963)