අට්ටාලුස් II (ෆිලඩෙල්ෆස්) (ක්‍රි. පූ. 200-139)
සිංහල විශ්වකෝෂය වෙතින්
14:59, 1 ජූනි 2023 වන විට පරිපාලක (කතාබහ | දායකත්ව) ('අට්ටාලුස් I රජුගේ බාල පුත්‍රයා ද එම නමින් ම හැඳ...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන
අට්ටාලුස් I රජුගේ බාල පුත්‍රයා ද එම නමින් ම හැඳින්විණ. සිය වැඩි මහලු සොහොයුරු දෙවන යුමනීස්ගේ ඇවෑමෙන් (ක්‍රි. පූ. 159) දෙවන අට්ටාලුස් පෙර්ගමුම්හි රජකමට පත් විය. මොහු රජවීමට පෙර තම සොහොයුරාගේ යුද්ධ හමුදාවේ සේනාධිපතියකු ලෙස කටයුතු කිරීම නිසා යුද කටයුතු පිළිබඳ විශේෂ දැනුමක් ලබා තිබුණි. එසේම කලින් සිය සොහොයුරාගේ තානාපතියකු ලෙස කීපවරක් ම රෝමයට ගිය බැවින් මොහුගේ රාජ්‍ය කාලයේ දී රෝම රාජ්‍යය හා පෙර්ගමුම් රාජ්‍යය අතර මිත්‍ර සම්බබන්ධයක් පැවතුණේය. පියාගේ කාලයේ දී මෙන් ම මොහුගේ කාලයේ දී ද ග්‍රීක සංස්කෘතියට මහත් අනුබලයක් ලැබුණේ ය.
(සංස්කරණය:1963)