අඩ්යාර් (අඩෛයාරු)
සිංහල විශ්වකෝෂය වෙතින්
15:51, 1 ජූනි 2023 වන විට පරිපාලක (කතාබහ | දායකත්ව) ('පරම විඥනාර්ථ (බ්‍රහ්මඥන) සමිතියේ ලෝක මධ්‍යස්ථ...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන
පරම විඥනාර්ථ (බ්‍රහ්මඥන) සමිතියේ ලෝක මධ්‍යස්ථානය පිහිටි අඩ්යාර් ග්‍රාමය ඇත්තේ මදුරාසිය අසලය. මෙහි දී පරම විඥනාර්ථ සමිතියේ ආදිකර්තෘවරයන් වූ බ්ලැවට්ස්කි මැතිණිය හා ක'නල් ඕල්කොට් මහතා ද විසින් 1886 දී ඉන්දියානු පරම විඥනාර්ථ සමිතිය පිහිටුවන ලදී. අඩ්යාර්හි අගනා පුස්තකාලයක් ද ඇත. අප රට බෞද්ධයන් ප්‍රබෝධ කරවීමෙහි පුරෝගාමියකු වූ ඕල්කොට් මහතා දිවංගත වූයේ ද මෙහි දීය.
අඩ්යාර් අසලින් ගලන කුඩා ගඟක් ද අඩ්යාර් නමින් ම හැදින්වේ. ලොව පැරණිතම ගසක් හැටියට ගැනෙන සුවිශාල නුග වෘක්ෂයක් නිසා ද අඩ්යාර් ප්‍රසිද්ධියට පැමිණ ඇත.
(සංස්කරණය:1963)