අඬුව

සිංහල විශ්වකෝෂය වෙතින්
16:23, 1 ජූනි 2023 වන විට පරිපාලක (කතාබහ | දායකත්ව) ('මෙය විවර්තනියක හෙවත් පිවට් ඇණයක ආධාරයෙන් කතු...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

මෙය විවර්තනියක හෙවත් පිවට් ඇණයක ආධාරයෙන් කතුරක් මෙන් ක්‍රියා කරවිය හැකි කෙටි අත් දෙකක් හා හනු යුවළක් ඇති ආයුධයකි. කම්බි හෝ ලෝහමය කූරු අල්ලාගැනීමට, නැමීමට හා කැපීමටත්, සියුම් දෑ අහුලා ගැනීමටත් පාවිච්චි කරන අඬු සාමාන්‍ය සැලැස්ම අතින් සම වුව ද, ඒ ඒ කාර්‍ය්‍යයට වඩාත් යෝග්‍ය වන අයුරින් නොයෙක් මෝස්තරවලට සාද්‍රගත් අඬු ද තිබේ. යම් යම් දේ කැපීමට ගන්නා අඬුවල හනු දෙකේ ඇතුළු පැත්තේ සාමාන්‍යයෙන් කැරලි කොටා ඇත.

කම්මල් අඬුව: රත්වූ යකඩ අල්ලාගැනීම සඳහා ලෝකුරුවන් පාවිච්චි කරන කම්මල් අඬුවෙහි අත් දිගය. මෙය විවර්තනියක හෝ දුන්නක ආධාරයෙන් ක්‍රියා කරවිය හැකිය. අතින් ඇල්ලීමට අපහසු ද්‍රව්‍ය අහුලා ගැනීම සඳහා පාවිච්චි කරන අඬුවට බෙහෙවින් සමානය.

දඬු අඬුව: යමක් කැපීම, ඉරීම, විදීම ආදිය සඳහා එය නොසෙලවෙන සේ තදකර තබා ගැනීමට යොද්‍රගන්නා උපකරණයකි. පට්ටල් බංකුවේ කොනක සවිකර ගන්නා බංකු දඬු අඬුව මේ උපකරණයේ එක් විශේෂයකි. දඬු අඬුව පට්ටලේ බංකුවට සවි කළ විට එහි ඇතුල් පැත්තේ හනුව ඉස්කුරුප්පුවක ආධාරයෙන් එහා මෙහා කර ගත හැකි සේ සකස් කර ඇත. දඬු අඬුවේ හනු වල ඇතුළු පැත්තේ කැරලි කොටා ඇත.

නළ රෙංචිය (පයිප්ප අඬුව): විශේෂයෙන් ම නළ තද කිරීමට හා තදින් අල්ලා ගැනීමට යොදන උපකරණයකි. එය ඇතුළු පැත්තෙන් කැරලි කෙටූ හනු යුවළකින් යුක්තය. අඬුවකට නිසි පමණට ලොකු කුඩා කර ගැනීමට සඳහා එක හනුවක් ඉස්කුරුප්පුවක හෝ විවර්තනියක ආධාරයෙන් එහා මෙහා කර ගත හැකි ලෙස සාද්‍ර තිබේ. අඬුවේ මීට වඩ වඩා තදකරත්ම පයිප්පය බැදීම ද වැඩි වන සේ එක හනුවක් අසව්වකින් සවිකොට තිබේ. නළ කාර්මිකයන් අතර පයිප්ප අඬුව, සපත්තු අඬුව, දම්වැල් අඬුව ආදී නම්වලින් හැඳින්වෙන නොයෙක් අඬුවර්ග සැලැස්ම අතින් එකිනෙකට වෙනස් වුව ද කාර්‍ය්‍ය අතින් සමාන හෙයින් මේ ආයුධ ගණයට ම අයත් වෙයි.

මේවා හැර ශල්‍යකර්මයන්හි හා විවධ කර්මාන්ත වලදී පාවිච්චි කැරෙන නොයෙක් විධියේ අඬු ද වේ.

කර්තෘ:ඩබ්ලිව්.පී.ඇල්.සොයිසා

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අඬුව&oldid=1434" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි