අත්ථුද්ධාර විභත්ති
දේශනාපාලියෙහි එන වාචක ශබ්දයාගේ හෙවත් අර්ථවර්ණනාවට යෝග්‍ය වූ වචනයාගේ අර්ථ නඟා දැක්වීම "අත්ථුද්ධාර" නමි. අර්ථය උදුරා (නඟා) ගෙන රූපාදි ඒ ඒ ධර්මයන් විභාග කිරීම "අත්ථුද්ධාරවිභත්ති" නම් වේ. අර්ථය උදුරාගෙන ධර්මය විභාග කිරීම යනු එහි ත්රුමයි. බුදුගොස් තෙරණුවන් විසුද්ධිමග්ගයෙහි ආර්‍ය්‍යසත්‍ය වර්ණනාවට පැමිණ "සච්ච" ශබ්දයාගේ අර්ථෝද්ධාරය කළ සැටි මෙසේය: මෙහි "සච්ච" ශබ්දය නොයෙක් අර්ථයන්හි දක්නා ලැබෙයි. "සච්චං භණෙ න කුජ්ඣෙය්‍ය" ආදියෙහි වාක්සත්‍යයෙහි වැටෙයි. "සච්චෙ ඨිතා සමණබ්‍රාහ්මණා ච" ආදියෙහි විරති සත්‍යයෙහි වැටෙයි. "කස්මානු සච්චානි වදන්ති නානා පවවාදියා සෙ කුසලාවදානා" ආදි තැන්හි දෘෂ්ටිසත්‍යයෙහි වැටෙයි. "එකං හි සච්චං න දුතියං" ආදියෙහි පරමාර්ථ සත්‍යයෙහි වැටෙයි. "නිබ්බානෙචෙ මග්ගෙ ච චතුන්නං අරිය සච්චානං කති කුසලා" ආදියෙහි ආර්‍ය්‍යසත්‍යයෙහි වැටේ. මෙහිදු මේ "සච්ච" ශබ්දය ආර්‍ය්‍යසත්‍යයෙහි වැටේ යයි අර්ථෝද්ධාර හෙයින් ද විනිශ්චය දතයුත්තේය (විසුද්ධිමග්ග).
මෙසේ වාචක ශබ්දයෙහි අර්ථ නඟා දක්වමින් ධර්මයන් විභාග කිරීම අටුවාවල මෙන් ම ටීකා ග්‍රන්ථවල ද ආයේය. එසේ ම ඇතැම් සිංහල ගත්කරුවන්ට ද පදාර්ථ වර්ණනාව සඳහා අර්ථෝද්ධාර ක්‍රමය අභිමත වූ අයුරු ධර්මප්‍රදීපකාදියෙන් දැක්ක හැකිය. ධර්මප්‍රදීපිකායෙහි "අර්ථ" ශබ්දයාගේ අර්ථෝද්ධාර කළ සැටි නිදසුනකි.
(සංස්කරණය:1963)