අධිධාරණය (Occlusion)

සිංහල විශ්වකෝෂය වෙතින්
14:36, 10 ජූනි 2023 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('වායුවක් ලෝහයක් කෙරේ අණුක ආසක්ත බලයක් (molecular adhesive for...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

වායුවක් ලෝහයක් කෙරේ අණුක ආසක්ත බලයක් (molecular adhesive force) පාන විට ද එසේ ආසකත් වූ වායුව ලෝහයෙන් වෙන් කිරීම අපහසු වූ විට ද අධිධාරණය සිදුවේ යැයි කියනු ලැබේ. අවක්ෂේපයක් (precipitate) හා ද්‍රාව්‍ය ද්‍රව්‍යයක් අතර ද මෙබන්දක් සිදු විය හැකිය. දැනට අධිධාරණය යනු විශේෂයෙන් භාවිත කරනු ලබන්නේ ලෝහයක් හා වායුවක් අතර ඇති වන මේ ආසක්ත ලක්ෂණය විස්තර කිරීමටයි. පැලේඩියම්, තෝරියම් හා වැනේඩියම් මගින් හයිඩ්රජන් අධිධාරණය කරගැනීම වැදගත් නිදසුනක් වේ. මේ සිද්ධිය ග්රැහැම් සැලකිල්ලෙන් විමසා බලා ඇතත් ඒ පිළිබඳ සියලු ම විස්තර තව ම දැනගෙන නැත.

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අධිධාරණය_(Occlusion)&oldid=1755" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි