අනුරාරාම විහාරය
සිංහල විශ්වකෝෂය වෙතින්
18:13, 11 ජූනි 2023 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('ලක්දිව දකුණු පළාතේ පැරණි මාගම් රාජධානියෙහි ව...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන
ලක්දිව දකුණු පළාතේ පැරණි මාගම් රාජධානියෙහි වූ ඓතිහාසික රජමහා විහාරයකි. වසභ රජු (67-111) විසින් ඉදි කරවන ලදි. මෙරජු විසින් ම හෙළගම් පිරිවෙන පිහිටි හේලිගාම නම් වූ ග්රාමය ද අනුරාරාමයට පූජාකරන ලදි. වෝහාරික තිස්ස රජ (209-231) මෙම විහාරයෙහි උපෝසථාගාරයක් කැරැවිය. ක්රි.ව.659 පමණේ දී රුහුණේ රජකළ දප්පුල රජු විසින් අනුරාරාම ප්රාසාදය ප්රකෘතිමත් කරවන ලදි. අනුරමහපායේ සිට සීගිරි සිතුවම් නැරඹීමට පැමිණි සමනල් බත නමැත්තකු ගැන සීගිරි කවියක සඳහන් වේ.
(සංස්කරණය:1963)