අභයසිංහ, නිකුලස් ඩයස් අමරසේකර

සිංහල විශ්වකෝෂය වෙතින්
11:49, 4 ජූලි 2023 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(1719-1794). මොහු ලක්දිව ඕලන්ද ආණ්ඩුව යටතේ මහමුදලි පද...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

(1719-1794). මොහු ලක්දිව ඕලන්ද ආණ්ඩුව යටතේ මහමුදලි පදවිය ඉසිලූ ප්‍රභූවරයෙකි. ගාල්ලේ වැසියකු වූ මෙතෙම ඕලන්ද ආණ්ඩුව යටතේ සේවයට පත්ව ගාල්ලේ මුදලි වශයෙන් කලක් සේවය කිරීමෙන් පසු 1785 දී මහමුදලි තනතුරට පත්කරන ලදි.

ෂ්‍රෝඩර් ආණ්ඩුකාරයාගේ කාලයේ දී විශේෂ සම්මානයට පාත්‍ර වූ මොහුට යථෝක්ත ආණ්ඩුකාරයා රාජපාක්ෂිකභාවය සඳහන් රන් තැටියක් හා රන් පදක්කම් කිහිපයක් ද පිරිනැමූ බව සඳහන් වේ. ඇතැම් අවස්ථාවල දී ආණ්ඩුකාරයා පවා මොහුට අවනත විය. අමාත්‍යවරුන් සමඟ ලියකියවිලි ගනුදෙනු කෙරුණේ ද මොහු මගිනි.

1719 මැයි මස 8 වැනිදා ජන්ම ලාභය ලැබූ අභයසිංහ මුදලිතුමා සැත්තෑපස් වසක් ආයු වළඳා 1794 මැයි 10 වැනිදා කලුරිය කෙළේය.

(සංස්කරණය:1963)