අමොයි
අග්නිදිග චීනයේ පිහිටි කොටමුණු නගරයකි. ෆුකියෙන් ප්‍රදේශයට අයත් මෙය කියුලිං ගංමෝය අසල වූ අමොයි නමින් ම හැඳින්වෙන දිවයිනේ පිහිටා තිබේ. එය ගබඩා පහසුකම් ඇති නවීන වරායකින් සහ නැව් තටාකවලින් යුක්තයි. කලෙක චීන මුහුදු කොල්ලකරුවන් රක්ෂාස්ථානය් කොටාගෙන තුබුණු මෙය චීනයේ තේ වෙළඳාම පිළිබඳ මධ්‍යස්ථානයක වශයෙන් ද සැලකිණි. නැව් අලුත්වැඩියා කිරීමේ පහසුකම් ඇත්තාවූ ද, කෑම වර්ග ටින්වල ඇහිරීම, සීනි සහ කඩදාසි සෑදීම ආදි කර්මාන්ත පවත්නා වූ ද මේ නගරය චීනයේ අනුතීර වෙළඳපොළක් වශයෙන් වැදගත් ය. අමොයි නගරයේ පසුබිම් පෙදෙස් කඳු සහිත බැවින් රටේ අභ්‍යන්තරය සමග කෙරෙන වෙළඳාම අධික නොවේ. වෙළහෙළදාම අතින් නගරයෙහි සෑහෙන දියුණුවක් ඇති වී තිබෙන නමුත් නිවාස ස්ථාන පිහිටි ප්‍රදේශ තව ම මුඩුක්කුවලින් ගහනය.
ඉහත දී ඉන්දියන් සාගරයේ සිට චීනය බලා ගිය වෙළෙඳුන් මුලින් ම ළඟා වූයේ චීන වෙරළේ මේ පෙදෙසටස බැවින් අමොයි නගරය වඩාත් වැදගත් විය. පෘතුගීසීහු 16වැනි ශත වර්ෂයේ දි මෙහි වෙළඳාමේ යෙදුණාහ. ලන්දේසීන් සහ ඉංග්‍රීසින් චීනය හා සමග ප්‍රථමයෙන් වෙළඳ සබඳකම් ඇති කර ගත්තේ ද අමොයි මාර්ගයෙනිත මලයාවේ චීන ජනගහනයෙන් වැඩි හරියක් ම ෆුකියෙන් ප්‍රදේශයෙන් පැමිණ ඇති නිසාත් ඔවුන් වැඩි වශයෙන් ම මේ නැව්තොට හරහා පැමිණි අය නිසාත් තවමත් අමොයි සහ මලයාව අතර කිට්ටු සම්බන්ධයක් පවතී. 1921 දී ආරම්භවුණු හමායි විශ්වවිද්‍යාලය මලයාවේ රබර් වතු හිමියකු වූත් ෆුකියෙන් දේශිකයකු වූත් කේ. කේ. තාන් මහතා විසින් මලයාවෙන් ම ලබා ගත් ධනය වැය කොට පිහිටුවන ලද්දකි.
බ්‍රිතාන්‍යයන් විසින් 1841 දි අල්ලා ගන්නා ලද මේ නැව්තොට ගිවිසුම් තොටක් වීමෙන් (1842) එහි විසූ පරදේශීහු විශේෂ පහසුකම් ලදහ. මෙය 1938 වර්ෂයේ දී ජපනුන් විසින් අල්ලා ගන්නා ලදී. ඉන් පසු ජපන් බලය පැවැති අග්නිදිග ආසියාතික ප්‍රදේශ සමඟ මෙහි අනුතීර වෙළඳාම දියුණු විය. 1943 දී ඇමෙරිකානුන් සහ ඉංග්‍රීසින් විසින් චීනය සමඟ ඇති කර ගන්නා ලද ගිවිසුම් නිසා, ගිවිසුම්කොට සම්බන්ධයෙන් ඔවුන් සතුව තුබුණු විශේෂ වරප්‍රසාද නැති වී ගියේ ය. මෙය චීන මහජන ආණ්ඩුව යටතට පත්වූයේ 1949 දීය. අමොය් නගරයේ ජනගහනය 1948 දී 3,00,000ක් පමණ විය.
අමොයි දිවයින වූ කලි උපනිවර්තන දේශගුණයකින් යුත්, පහත් කඳු සහිත, රම්‍ය දිවයිනකකි. පැ.1000 සිට 500 දක්වාව වෙනස්වෙන සුලු උෂ්ණත්වයක් එහි ඇත්තේය. දියමංකඩෙකාන් ප්‍රධාන භූමිය හා සම්බන්ධ කරනලද මෙ නිරිතෙන් කුන්මත් නුවර ද, ඊශානින් ෂැංහයි නුවර ද, වයඹින යැංසි ගංගානිම්නය ද සමග දුම්රිය මාර්ගවලින් සම්බන්ධ වී පවතී. වාර්ෂික වර්ෂාපතනය අඟල් 4ත් 50 ත් අතර වේ. මෙහි වී, උක්, දුම්කොළ, තේ, පළතුරු ආදි ගොවි ද්‍රව්‍ය නිපදවනු ලබන්නේ බෙහෙවින් ම අභ්‍යන්තර පරිභෝගය සඳහා පමණකි.
(සංස්කරණය:1963)