අම්බලට්ඨිකා-2

සිංහල විශ්වකෝෂය වෙතින්
15:17, 6 ජූලි 2023 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('ඛානුමත නම් බමුණුගම තුබුණු උයනකි. බුදුහු කූටදන...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

ඛානුමත නම් බමුණුගම තුබුණු උයනකි. බුදුහු කූටදන්ත නම් බමුණා දමනය කරනු කරනු පිණිස "පන්සියයක් සඟුන් පිරිවරා මගධ රට සැරිසරමින් ඛානුමත නම් බමුණුගමට පැමිණැ අඹයටි (අම්බලට්ඨිකා) උයන්හි වැඩවිසූ" බැව් අමාවතුරෙහි සඳහන් වෙයි. බුදුන් කූටදන්තසූත්‍රය දේශනා කොට වදාළේ ද මේ අවස්ථාවේ දීය. මේ උයනත් රජගහනුවර හා නාලන්දාව අතර තුබුණු අම්බලට්ඨිකා-1 උයනට සමාන බැව් බුදුගොස් හිමියෝ කියති.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අම්බලට්ඨිකා-2&oldid=2246" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි