අම්බට්ඨිකා-3
සිංහල විශ්වකෝෂය වෙතින්
15:18, 6 ජූලි 2023 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('මෙය අනුරාධපුරයේ ලෝවාමහාපායට නැගෙනහිරින් පිහ...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන
මෙය අනුරාධපුරයේ ලෝවාමහාපායට නැගෙනහිරින් පිහිටා තුබුණු ස්ථානයකි. වරක් දීඝභාණක තෙරවරුන් විසින් මෙතැන දී බ්රහ්මජාල සූත්රය දේශනා කළ අවස්ථාවක දී පොළොව කම්පා වූ බැව් සුමංගලවිලාසිනියේ බ්රහ්මජාල සූත්ර අටුවායෙහි දැක්වෙයි. වසභ රජතුමාගේ කාලයේ දී ද දීඝභාණක භික්ෂූන්වහන්සේලා විසින් මෙතැන දී මහාසුදර්ශන සූත්රය දේශනා කරන ලද බැව් එම ග්රන්යෙහි මහා සුදස්සන සූත්ර අටුවායෙහි සඳහන් වේ.
(සංස්කරණය:1963)