අටළොස් ආකාර බිම්
සිංහල විශ්වකෝෂය වෙතින්
11:52, 13 ජූලි 2023 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) විසින් සිදු කර ඇති සංශෝධන
වාස්තු විද්‍යාවෙහි හෙවත් ගෙබිම් ශාස්ත්‍රයෙහි ගෙවල් තැනීම සඳහා ගන්නා විවිධ බිම් ඒවා පිහිටි ආකාරයන්ට අනුව අටළොස් වර්ගයකට බෙදා ඒවා අටළොස් ආකාර බිම් යන නාමයෙන් හඳුන්වා තිබේ. ඒ බිම් අටළොස නම්
1. සිංහාකාර,
2. ගජාකාර,
3. වෘෂභාකාර,
4. කුම්භාකාර,
5. ඡත්‍රාකාර,
6. ශිඛාකාර,
7. කරතලාකාර,
8. ජලතලාකාර,
9. වරාහාකාර,
10. ගංගාකාර,
11. කූර්මාකාර,
12. ත්‍රිකෝණාකාර හෙවත් තුනැස්,
13. පරිණාහාකාර
14. ආයත පරිණාහ
15. ඉවත් බිම,
16. සාධාරණ බිම,
17. රාක්ෂස මුහුණු,
18. කුලු සැටි යන මොව්හුය.
මේ එක් එක් බිමක හැඩය ද එක එකක ශුභා ශුභඵල ද වාස්තු විද්‍යාවෙහි දක්වා ඇත. ඒ අනුව 4, 6, 12, 13, 14, 15, 18 අංක දරන බිම් අශුභ ඵලදායකය. 5, 11, 16 අංකවලට අයත් බිම් ශුභාශුභඵල මිශ්‍රය. සෙසු බිම් ශුභදායකය.
(සංස්කරණය:1963)