අඩ්යාර් (අඩෛයාරු)

සිංහල විශ්වකෝෂය වෙතින්
09:10, 14 ජූලි 2023 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

පරම විඥනාර්ථ (බ්‍රහ්මඥන) සමිතියේ ලෝක මධ්‍යස්ථානය පිහිටි අඩ්යාර් ග්‍රාමය ඇත්තේ මදුරාසිය අසලය. මෙහි දී පරම විඥනාර්ථ සමිතියේ ආදිකර්තෘවරයන් වූ බ්ලැවට්ස්කි මැතිණිය හා ක'නල් ඕල්කොට් මහතා ද විසින් 1886 දී ඉන්දියානු පරම විඥනාර්ථ සමිතිය පිහිටුවන ලදී. අඩ්යාර්හි අගනා පුස්තකාලයක් ද ඇත. අප රට බෞද්ධයන් ප්‍රබෝධ කරවීමෙහි පුරෝගාමියකු වූ ඕල්කොට් මහතා දිවංගත වූයේ ද මෙහි දීය.

අඩ්යාර් අසලින් ගලන කුඩා ගඟක් ද අඩ්යාර් නමින් ම හැදින්වේ. ලොව පැරණිතම ගසක් හැටියට ගැනෙන සුවිශාල නුග වෘක්ෂයක් නිසා ද අඩ්යාර් ප්‍රසිද්ධියට පැමිණ ඇත.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අඩ්යාර්_(අඩෛයාරු)&oldid=2812" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි