අරක් සමණ
සිංහල විශ්වකෝෂය වෙතින්
21:55, 12 සැප්තැම්බර් 2023 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('නවවන සහ දසවන ශත වර්ෂයන්ට අයිති සිංහල සෙල්ලිපි...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන
නවවන සහ දසවන ශත වර්ෂයන්ට අයිති සිංහල සෙල්ලිපිවල දක්නට ලැබෙන රජයේ තනතුරු නාමයකි. ඇතැම් සෙල්ලිපියක මේ තනතුරු නාමය "අරක්සැමියා" යනුවෙන් ද යෙදී ඇත. "අරක්මේනා" යනුවෙන් හැඳින්වූයේ ද මේ තනතුර මය යනු කොරිංටන් මහතාගේ අදහසයි.
අරක්සමණ තනතුර දැරූ තැනැත්තන්ට පැවරී තුබුණු සේවය කවරේ දැයි නිශ්චය වශයෙන් කීමට දැනට ලැබී ඇති සාක්ෂ්ය ප්රමාණවත් නොවේ. අර සමණ යන්න සංස්කෘත "ආරක්ෂක ස්වාමි" යන්නට සමාන බවත් එයින් "ප්රධාන ආරක්ෂකයා" යන තේරුම ලැබෙන බවත් පරණවිතාන මහතා පවසයි.