අරණායක
සිංහල විශ්වකෝෂය වෙතින්
22:10, 12 සැප්තැම්බර් 2023 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('සබරගමු පළාතේ පරණකූරු කෝරළේ, බටහිර තුන්පළාත් ප...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන
සබරගමු පළාතේ පරණකූරු කෝරළේ, බටහිර තුන්පළාත් පත්තුවේ, මහඔය බඩ පිහිටි කුඩා නගරයකි. මාවනැල්ලේ සිට අරණායකට දුර සැතපුම් 8ක් වේ. ඉතා සුඛදායක දේශගුණයක් සහිත අරණායක ප්‍රදේශයෙහි පස ද සාරවත් හෙයින් කෘෂිකාර්මික කටයුතු දියුණුය. ඒ අවට, විශේෂයෙන් රබර් වැවිලි කොට ඇති වතු ප්‍රදේශයේ, වෙළඳ මධ්‍යස්ථානය අරණායකයි. මේ හැර වී, පුවක්, කෝපි හා ගම්මිරිස් ද වවනු ලැබේ.