අරවාල
සිංහල විශ්වකෝෂය වෙතින්
22:33, 12 සැප්තැම්බර් 2023 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(ආරවල). කාශ්මීර දේශයෙහි වූ විලක් ද එම විලෙහි වි...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන
(ආරවල). කාශ්මීර දේශයෙහි වූ විලක් ද එම විලෙහි විසූ නාරජකු ද මහාවංසාදි ග්‍රන්ථවල මේ නමින් හඳුන්වා තිබේ. අශෝක රජු සමයෙහි කාශ්මීර ගන්ධාර රාජ්‍යයන්හි බුදුසසුන් පිහිටුවීම සඳහා යැවූ මජ්ඣන්තික මහතෙරුන් විසින් යථෝක්ත නාගරාජයා දමනය කරන ලදැයි පැවැසේ.
විල ද අරවාල නමින් ම ප්‍රසිද්ධ වූයේ නා රජු එයට අරක්ගෙන සිටි බැවිනැයි කියති. කාශ්මීර යෙහි ඇති වුලර් හෙවත් වොලූර් නමැති තඩාගය අරවාල විල වශයෙන් ඇතැමෙක් හඳුන්වති. වොලූර් කාශ්මීර නිම්නයේ විශාලතම තඩාලයයි.