අරියාලංකාර
බුරුමයෙහි මෙනමින් පාලි පාණ්ඩිත්‍යය ගැන ප්‍රසිද්ධියක් ඉසිලු තෙරවරු සතර නමක් වූහ.
රත්නපුරයෙහි (ආවාහී) වාසය කළ අරියාලංකාර තෙරණුවෝ ව්‍යාකරණ ශාස්ත්‍රයෙහි අතිදක්ෂ වූහ. මුන්වහන්සේගේ ශිෂ්‍ය වූ අන්‍ය අරියාලංකාර තෙරපාණ කෙනෙක් ද වූහ. බු.ව.2128 (ක්‍රි.ව.1585) දී ඉපි ද බාලකල ම පැවිදිව ව්‍යාකරණාදිය සහිත ත්‍රිපිටක ධර්මය හැදෑරු උන්වහන්සේ තරුණ වියේ දී ම පාලි භාෂායෙන් ග්රන්ථ රචනා කිරීමෙහි සමත් වූහ. උපසම්පදාව ලත් දෙවන වසෙහි දී හෙවත් දෙවිසි හැවිරිදි වියෙහි දී "කච්චායන භෙද" නම් වූ ව්‍යාකරණ ග්රන්ථයට "සාරත්ථවිකාසිනී" නම් ටීකාවක් රචනා කිරීමෙන් ස්වකීය පාණ්ඩිත්‍යය පළ කළහ. බු.ව.2150 දී රචනා කළ බව දැක්වෙන මේ ග්‍රන්ථය කච්චායන භෙදයේ පුරාණ ටීකාව ද වෙයි. තවද අත්ථසාලිනී, සංඛෙපවණ්ණනා, අභිධම්මත්ථවිභාවීනි, විභංග යන ග්රන්ථවලට ව්‍යාඛ්‍යා සම්පාදනය කළ මුන්වහන්සේ කච්චායන ව්‍යාකරණය බුරුම බසට නැඟුහ.
අනික් තෙරවරුන් දෙදෙනා විසින් ලියන ලද කිසිදු ග්රන්ථයක් විද්‍යමාන නොවේ.