අරුන්ඩිනා
සිංහල විශ්වකෝෂය වෙතින්
15:00, 25 සැප්තැම්බර් 2023 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(Arundina). ඕකිඩාසේ කුලයට අයත් භුමිජ පැළෑටි ගණයකි. මේ...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන
(Arundina). ඕකිඩාසේ කුලයට අයත් භුමිජ පැළෑටි ගණයකි. මේ ගණයේ භූමි ඕකිඩ් පැළෑටි වලට භූගත කඳන් (රෛසෝම) ද ඇත. කඳෙහි ගැට (nodes) සහ පර්ව (internodes) ඉතා පැහැදිලිය. කොළ පටුය, ඒකාන්තර (alternate)ය. කොළවල පාද කොපුවලින් යුක්තය. අරුන්ඩිනා ග්රමිනිfපෝ ලියා මල්වතුවල බහුල වශයෙන් වවනු ලැබේ. මේ පැළෑටියේ කඳ අඩි 3 සිට 6 දක්වා දික් වන්නට පුළුවන. ඍජු ඒකාක්ෂවල (racemes) තිබෙන ළාරතු මල් තරමක් විශාලය. මලේ අධරිකාවේ (labellum) තුඩෙහි කහපාට ලපයක් තිබේ. මේ පැළෑටියේ ඉහළ කොටසෙහි කොළවල කක්ෂයන්හි බල්බිල (bulbils) ඇත. මේවායින් ද රෛසෝමයෙන් ඇති වන ප්රරෝහවලින් ද අලුත් පැළෑටි බෝ කළ හැක.
අරුන්ඩිනා මිනෝර් නම් විශේෂය ලංකාවට දේශික වූ ශාකයකි.
(සංස්කරණය: 1965)