ජිනත‍්‍රාත මහතෙර
ජිනත‍්‍රාත මහතෙර. ක‍්‍රි.ව.590-650 අතර විසූ සාංඝිකවාදියකු වූ මෙතුමා කාශ්මීරයේ ‘ජයෙන්ද්‍රාරාමයෙහි’ නතර ව සිටි හියුං සියෑං මහතෙරුන් සමග දෙවසරක් මුළුල්ලේ එහි අධිපති තෙරුන් වහන්සේගෙන් ධර්මය උගත් බවක් කියැවෙයි.
මෙතුමා හියුං සියෑං මහතෙරුන්ගේ ගුරුවරයකු වූ බව තව තැනක සඳහන් ය. ඞී. ආර්. සෙනෙවිරත්න
ජිනදාස, ඒ. සී. ටී. (1891-1978). සුප‍්‍රකට නවකථාකරුවෙකි. කෙටිකතා රචකයෙකි. මොහු වඩාත් ප‍්‍රචලිත උණවටුනේ ඒ. සී. ටී. ජිනදාස නමිනි. සිංහල නවකථාවේ ප‍්‍රාරම්භ සමයෙහි නවකථාකරණයට පිවිසි ඒ. සී. ටී. ජිනදාස, 1932 දී ලියූ ‘බද්ධ වෛරය හෙවත් නැන්දා සහ ලේලි’ නමැති කෘතිය නූතන කලාත්මක නවකථා කලාව සඳහා අලූත් ම`ගක් හෙළිකරන ලද්දක් ලෙස විචාරකයෝ සලකති. ඉනික්බිති 1930 දී හේ ‘තිලකා හෙවත් නිර්භීත තරුණිය’ නමැති නවකථාව ලියා පළ කෙළේ ය. ‘වයලා හෙවත් පුදුම ඉරණම’ මුද්‍රණයෙන් පළ කළ ජිනදාස පද්‍ය රචනයෙහි ද දක්ෂයෙක් විය. ‘ජයරත්න හෙවත් නිර්භීත බාලදක්ෂයා’, මධුර ජීවිතය හෙවත් නැලී සහ කමලා මොහුගේ තවත් කෘති ය. (ඡායාරූපය)
ජිනදාසගේ නවකථාවන්හි පියදාස සිරිසේන වැනි සමකාලීන රචකයන්ගේ කෘතීන්හි දක්නට ලැබෙන කර්කශ උපහාසය හා වර්ග චරිත දක්නට නැත. ඒ වෙනුවට දැඩි මානව භක්තියක් ප‍්‍රකට කැරෙන අතර මිනිසුන් අතර හටගන්නා භේද අන්‍යාන්‍ය අවබෝධයෙන් දුරලිය හැකි බවක් පෙන්වා දීමට උත්සාහ ගෙන ඇත. සංස්කෘත වචන බහුල පණ්ඩිතප‍්‍රිය භාෂාව වෙනුවට සරල භාෂා රීතියක් අනුගමනය කළ හේ සංවාදය සඳහා සාමාන්‍ය කථා ව්‍යවහාරය යොදා ගත්තේ ය. එහෙයින් සජීවී චරිත නිර්මාණය කිරීමෙහිලා නවකථාකරුවකු වශයෙන් ඒ. සී. ටී. ජිනදාස දැක් වූ දක්ෂතාව කැපී පෙනේ.
පෙරදිග හෝ අපරදිග සම්භාව්‍ය සාහිත්‍ය කෘති හා නවකතා කෙටිකථාවලින් අභාසයක් නොලැබූ ඒ. සී. ටී. ජිනදාස කීර්තිමත් සිංහල ලේඛකයකු වූ ඩබ්. ඒ. සිල්වාගේ නිර්මාණ කෙරෙන් ගුරුහරුකම් ලැබූ බව පැහැදිලි ය. මොහු 1978 සැප්තැම්බර් මස 14 වන දින මිය ගියේ ය.
සරත්චන්ද්‍ර ජයකොඩි