කැටකෑලේ කුමාරිහාමි
සිංහල විශ්වකෝෂය වෙතින්
15:18, 17 ඔක්තෝබර් 2016 වන විට 127.0.0.1 (කතාබහ) ('වාගොල්ලේ සටනේ දී ඉංග්රීසීන්ට විරුද්ධන ශ්රී...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන
වාගොල්ලේ සටනේ දී ඉංග්රීසීන්ට විරුද්ධන ශ්රී වික්රම රාජසිංහ රජුට පක්ෂව තුන්හිඳ, වෙල්ලස්ස, වැල්ලවාය, වලපනේ, කොත්මලේ හා හේවාහැට සේනා මෙහෙය වූ වීර කුල කාන්තාවයි. වන රාජසිංහ රජුගේ සහෝදර කුමාරසිංහයන්ගේ පරම්පරාවෙන් අසම්භින්නව පැවත ආහයි පැවසෙන ඕතොමෝ යුද සරඹයෙහි නිපුණව සිටියාය. තම පවුලේ පිරිමියකු නොවූ හෙයින් ඇය සුදු අසකු අරා මෙකී අවස්ථාවෙහි සේනා මෙහෙයවීමෙහි යෙදුණු බව කියති. සටන ජයග්රහණයෙන් අවසන් වීහෙන් පසු රජු ඕහට ‘කැටකැලේ බණ්ඩාර බඩුව’ යන නම පටබැඳ රන් සුණුවලින් නළල් තළය ආලේප කිරීමේ පූර්ණ අවසරය ද දුන් බව කියනු ලැබේ.
-ඩී. පී. පොන්නම්පෙරුම-