අංශක දහයේ ඕඩය
සිංහල විශ්වකෝෂය වෙතින්
08:11, 25 ඔක්තෝබර් 2023 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) විසින් සිදු කර ඇති සංශෝධන
බෙංගාල බොක්කේ, අන්දමන් හා නිකෝබාර් දූපත් පන්තියෙහි කුඩා අන්දමන් දූපත හා කාර් නිකෝබාර් දූපත අතර පිහිටි මුහුදු කොටසයි. මෙහි පළල සැතපුම් 90ක් පමණ වේ. මෙම ඕඩයට උතුරින් පිහිටි කොදිව් සමූහය අන්දමන් දූපත් නමින් ද දකුණින් පිහිටි කොදිව් සමූහය නිකෝබාර් දූපත් නමින් ද හඳුන්වනු ලැබෙයි. උත්තර අක්ෂාංශ 10 ආශ්රිත ව පිහිටි හෙයින් මීට අංශක දහයේ ඕඩය (Ten Degree Channel) යන නාමය යෙදී ඇත.
(සංස්කරණය: 1963)