අලගොඩුවා

සිංහල විශ්වකෝෂය වෙතින්
10:44, 9 නොවැම්බර් 2023 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('අලගොඩුවා (බලයා) (කට්සුවොනුස් පෙලාමිස් - Katsuwonus pelamis L...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

අලගොඩුවා (බලයා) (කට්සුවොනුස් පෙලාමිස් - Katsuwonus pelamis L.). ලංකාවේ වෙරළ අසල මුහුදේ රංචු වශයෙන් සංචාරය කරන මත්ස්‍ය විශේෂයකි.

ශක්තිමත් සිරුරක් ඇති අලගොඩුවා අඩි 1,1/2 සිට 3 දක්වා දිගය. උගේ සිරුරෙහි ළමැද හැර වෙනත් පෙදෙස්වල කොරපොතු නැති සේ පෙනේ. ළය පෙදෙසෙහි කොරපොතු ඇති තැන විශේෂ පටියක් සේ සෑදී ඇත. මේ පටියේ පිටිපස කොටසෙහි තිබෙන කොරපොතු ලොකුය. අළුවා හැඩය ඇත්තේය. උගේ එක එක හක්කේ කේතුකාකාර කුඩා දත් 50ක් පමණ ඇත. තල්ලෙහි හා හලාස්ථියෙහි (vomer) දත් නැත.

අලගොඩුවාගේ පිට තද නිල් පැහැයෙන් යුක්තය. උගේ උදරය හා පැති රිදී පාටය. මේ ප්‍රදේශවල කළු සිරස් පටි 4ක්, 5ක් හෝ 6ක් තිබේ. කුඩා වූ ගුද වරල් සුදුය. අනික් වරල් කළුපාටය. අලගොඩුවා අක්ටිනොප්ටෙරිගී (බ.) වර්ගයෙහි තුනිඩෙ (Thunnidae) කුලයට අයත්ය. ඇටවල්ලා (බ.) ද මේ කුලයට අයත් මාළුවෙකි. සුහුඹුල් අලගොඩුවාට බලයා යයි කියනු ලැබේ.

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අලගොඩුවා&oldid=4045" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි