සේතු නූර්දීන් අලව්දීන්

සිංහල විශ්වකෝෂය වෙතින්
16:09, 27 දෙසැම්බර් 2023 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('1818 දී ලක්දිව පැනනැගුණු ඌවේ මහ කැරැල්ලෙහි පතාක...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

1818 දී ලක්දිව පැනනැගුණු ඌවේ මහ කැරැල්ලෙහි පතාක යෝධයෙකු ව සටන් කළ කොහුකුඹුරේ රටේරාළ අල්වා ඉංග්‍රීසීන්ට භාර දෙන ලද්දේ මොහු විසිනි. බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයාගේ කැමැත්ත පරිදි එවක බදුල්ලේ ඒජන්ත ව සිටි සෝචර්ස් විසින් ඔහුට ඩොලර් රීස්ක්ස් 500ක් සහ දෙහිඅත්තේවෙල කුඹුරක් ඉංග්‍රීසි ආණ්ඩුවෙන් සේතු නූර්දීන්ට දුන් බව 1825 මාර්තු මස 2 වන දින ඔහු විසින් ම රජයට ඔප්පු කළ පෙත්සමක සඳහන් ව තිබේ.

(කර්තෘ: හපුගොඩ සුමතිස්ස ස්ථවිර: 1975)

(සංස්කරණය නොකළ)