ෂට් අසාධාරණ ඥාන
ශ්‍රාවකාදි සෙස්සන්ට අසාධාරණ (නොමැති) වූ තථාගත බුදුවරයන්ට ම අවේණික (උරුම) වූ නුවණ සය ෂට් අසාධාරණ ඥාන නම් වේ. සත්වයන්ට දම් දෙසන බුදුවරු මේ ස-නුවණින් බලා ම දම් දෙසති. එනුවණ සය නම්:
1. ඉන්ද්‍රියපරොපරියත්ත ඤාණ
2. ආසයානුස ඤාණ
3. යමපාටිහීර ඤාණ
4. මහාකරුණා(සමාපත්ති) ඤාණ
5. සබ්බඤ්ඤුත ඤාණ
6. අනාවරණ ඤාණ
යන මොහු ය.
සත්වයන් පිළිබඳ ශ්‍රද්ධාදි පංචේන්ද්‍රියන්ගේ උත්තම-අධම බව දැන ගන්නා නුවණ ඉන්ද්‍රියපරෝපරියත්ත ඤාණ නම් වේ. ඉන්ද්‍රියවරෝවරියත්ත ඤාණ, ඉන්ද්‍රිපරෝපරියත්ත ඤාණ යනු ද පාඨයි. සත්වයන්ගේ ආසය - අනුසය දන්නා නුවණ ආසයානුස ඤාණ නම් වේ. දිට්ඨි චිතක්කාදිය පුරුදු කළ සන්තානය ආසයඅයි. එහි සයනය කිරීමෙන් ප්‍රහීණ නොවි බලවත් වූ කාමරාගාදිය අනුසයයි. ආසය ද අනුසය ද ආසයානුසය (ආසයෝ ච අනුසයො ච ආසයානුසයො) නමි. බුදුරාජාණන් වහන්සේ ශ්‍රද්ධාදි ඉන්ද්‍රියන් නැති පෙළහර පෑමෙන් විනය කළ යුතු සත්වයන් එසේ හික්මවති. එයට උපයෝගී වන නුවණ යමකපාටිහීර ඤාණ නම් වේ. ගිනිකඳ, දියකඳ ආදිය පෙර පසු නොවී එක්වර ම පවත්නා හෙයින් යමකයයි. අශ්‍රද්ධාදි විරුද්ධ ධර්ම හරනා හෙයින් පාටිහීරයි. යමක වූයේ ද ප්‍රාතිහාර්ය වූයේ යමකපාටිහීර (යමකං ච පාටිහීරං චා’ති යමකපාටිහීරං) නම් වේ.
ජාතිජරාමරණාදියෙන් මඬන ලද සත්වයන් අසූනව ආකාරයකින් බලා දක්වනු මහා කරුණාව මහාකරුණා (සමාපත්ති) ඤාණ නම් වේ. පැතිරවීම් වශයෙන් හා ගුණ වශයෙන් මහත් හෙයින් 'මහාකරුණා' නම් වේ. එයට සමවැදීම (පැමිණිම) මහාකරුණාසමාපත්තියයි (මහාකරුණා ච සා සමාපත්ති මහාකරුණාසමාපත්ති) සඞ්ඛත - අසඞ්ඛතාදී භේද ඇති ධර්ම 'සංස්කාර, විකාර, ලක‍්ෂණ, නිර්වාණ, ප්‍රඥප්ති' යන පංචප්‍රකාර ඥෙය්‍ය පථයෙන් දැනගත් නුවණ 'සබ්බඤ්ඤුත ඤාණ' නම් වේ.
'සමන්තචක්ඛු' යනු ද මෙයට නාමාන්තරයෙකි. සමන්තචක්ඛු යනු ද මෙයට නාමාන්තරයකි. 'සමන්තචක්ඛු වුච්චති සබ්බඤ්ඤත ඤාණං'යී දැක්වූ හෙයිනි. සබ්බඤ්ඤුත ඤාණ යනු ද අනාවරණ ඤාණ යනු ද ඤාණ වශයෙන් එකක් එකක් මැ යි. ආකාරභේදයෙන් දෙකක් වෙයි. සද්ධින්ද්‍රිය, සද්ධාබල යනු මෙනි. සබ්බඤ්ඤුත ඤාණයාගේ ආවරණය කිසියම් ධර්මයකින් හෝ පුද්ගලයෙකු විසින් නොකොට හැකි හෙයින් 'අනාවරණ ඤාණ' නම් වේ.
මේ සඳහා කෙනෙක් මෙසේ කියති. සබ්බඤ්ඤුත ඤාණය සියලු අරමුණු අයත් හෙයින් මනෝ විඤ්ඤාණය මෙනි. අනාවරණ ඤාණය විෂයයන්හි නොගැටෙන හෙයින් (නොපැකිළ පවත්නා හෙයින්) ඉන්ද්‍රවජ්‍රය මෙනි.
සියල් සඞ්ඛතා'සඞ්ඛත ධර්මයන්හි නොගැටෙන හෙයින් සබ්බඤ්ඤුත ඤාණයාගේ ආවරණයක් නැත්තේ ය යනු හෙයින් ඒ සබ්බඤ්ඤුත ඤාණය ම අනාවරණ ඤාණ නම් වේ. පරවාදීහු මෙසේ කියති.
දසබල ඤාණ යයි අන්‍ය ඤාණයෙක් නැති. හෙද සබ්බඤ්ඤුත ඤාණයාගේ ම ප්‍රභේදයකි. බුද්ධඝෝෂ, ධම්මපාලාදීහූ එයට මෙසේ විරුද්ධ වෙති. "තං න තථා දට්ඨබ්බං, අඤ්ඤමෙව හි දසබලඤාණං අඤ්ඤං සබ්බඤ්ඤුත ඤාණං". "එය එසේ නොදත යුතුයි. දසබල ඤාණය අනෙකක් මැ"යි, සබ්බඤ්ඤුත ඤාණ අනෙකකි යනු භාවයි.
(පප:සූ: දු.භා 25 පිට)
(නෙ:අ: 147 පිට)
(පටි:ම:අ: 39පිට, 266- 297 තෙක්)
(කර්තෘ: අඥාත ය: 1956)
(සංස්කරණය නොකළ)