අලව්ව

සිංහල විශ්වකෝෂය වෙතින්
11:05, 26 ජනවාරි 2024 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('ලංකාවේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ දකුණු උඩුගහ ක...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

ලංකාවේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ දකුණු උඩුගහ කෝරළයේ මහඔයබඩ පිහිටි කුඩා නගරයකි. කොළඹ - මහනුවර දුම්රිය මාර්ගයේ ප්‍රසිද්ධ නැවැතුම් පළක් ද එහි වේ. කොළඹ සිට දුර සැතැපුම් 41, 1/2කි. රාගලඔය මාඔයට එකතු වන්නේ අලව්ව සමීපයේ දීය. මහ ගංවතුරට සමහර විට නගරය යටවේ. පහත් කඳුවැටි වලින් යුත් අවට ප්‍රදේශයෙහි ප්‍රධාන වැවිල්ල පොල්ය. රබර් සහ වී ද වවනු ලැබේ. තලකොළ කර්මාන්තය මෙහි ඉතා දියුණුය.

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අලව්ව&oldid=4586" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි