ඩොෆ්ලර් ආචරණය
(Doppler Effect). ස්ථාවර තරංගයක නිරීක්ෂණය කරන ලද සංඛ්‍යත නිරීක්ෂකයා හා තරංග නිකුත් කරන ප්‍රභවයෙහි සාපේක්ෂ චලිතය නිසා වෙනස් වීම ඩොප්ලර් ආචරණ ලෙස හැඳින්වේ. මෙය මුලින් ම සොයා ගනු ලැබුවේ ක්‍රි.ව.1842 දී ක්‍රිස්ටියන් ජොහෑන් ඩොප්ලර් (Christian Johann Doppler) නම් ඔස්ට්‍රියානු ජාතික භෞතික විද්‍යාඥයෙකු විසිනි. ඩොප්ලර් ආචරණය පැහැදිළි කිරීමේ නිදසුන් ලෙස පිඹින නලාවක් ලඟාවීම හා පසුකර යෑම ඉදිරිපත් කළ හැකිය. නලාව ලඟා වීමේදී තාරතාවය (Pitch) නැතහොත් නීරීක්ෂිත සංඛ්‍යාතය සීග්‍රයෙන් වැඩි වන අතර පසු කර යෑමේ දී තාරතාවය සීග්‍රයෙන් පහළ වැටේ.
තරංගයක දෘශ්‍ය සංඛ්‍යාතය මත බලපාන කරුණු දෙකකි. එනම් ස්ථාවර නිරීක්ෂකයා දෙසට හෝ ඉවතට ප්‍රභවය චලනය වීම හා ස්ථාවර ප්‍රභවය දෙසට හෝ ඉන් ඉවතට නිරීක්ෂකයා චලනය වීම එම කරුණු දෙකය.
නිරීක්ෂකයා ස්ථාවර වී ප්‍රභවය චලිත වීම සලකා බැලීමේදී ප්‍රභවය ගමන් කරන දිසාවේ තරංග එකට ගොඩ ගැසෙන අතර ප්‍රතිවිරුද්ධ පැත්තෙහි තරංග පුළුල් ලෙස පැතිරේ. (මෙය 1 රූපසටහනේ පැහැදිලිව ඇත. රූපසටහන් පිළිවලින් A,B,C හා D ගෝලවලින් දැක්වෙනුයේ 0 ප්‍රභවය 1,2,3 හා 4 යන ලක්ෂ්‍යවල ඇති විට දී තරංග පෙරමුණු ය.) මෙසේ වීමෙන් තරංගයේ දෘශ්‍ය සංඛ්‍යාතයේ අඩු වීමක් හා වැඩි වීමක් සිදුවන බව පැහැදිලි වේ. තරංගය ප්‍රචාරණය වන වේගය ඪ ද, ප්‍රභවයේ වේගය ඹ ද තරංගයේ සත්‍ය සංඛ්‍යාතය පද හා දෘෂ්‍ය සංඛ්‍යාතය ද වේ නම්, වේ. ප්‍රභවය නිරීක්ෂකයා දෙසට හා ඉවතට චලනය වීම අනුව ඹ හි අගය ධන හෝ ඍන වේ. නිදසුනක් ලෙස සත්‍ය සංඛ්‍යාතය තත්පරයට 250ක් වූ නලාවක් නිරීක්ෂකයාගෙන් ඉවතට තත්පරයට අඩි 11ක වේගයෙන් චලිත වන්නේ යැයි සිතමු. ධ්වනියේ වේගය තත්පරයට අඩි 1,100 කි. එවිට දෘෂ්‍ය සංඛ්‍යෘතය තත්පරයට වේ. එනම් දෘෂ්‍ය සංඛ්‍යාතය තත්පරයට 247.52 වේ. මෙයින් පැහැදිලි වන්නේ තත්පරයට 250 සිට 247.52 දක්වා අඩු වී ඇති බවයි. මෙම ආචරණය ගමන් කරන දුම්රිය එන්ජිමක නලාවකින් පැහැදිලිව අවබෝධ කර ගත හැකිය.
ප්‍රභවය ස්ථාවරව තබා නිරීක්ෂකයා U වේගයෙන් ප්‍රභවය දෙසට හෝ ප්‍රභවයෙන් ඉවතට චලනය වේ යයි සිතමු. එවිට දෘෂ්‍ය සංඛ්‍යාතය යන සමීකරණයෙන් දැක්විය හැකිය. ස්ථාවර ප්‍රභවයට නිරීක්ෂකයා ලඟා වීම හා ඉවත් වීම අනුව Uහි අගය ධන හෝ ඍණ වේ. ඉහත සඳහන් නිදසුනෙහි ම නිරීක්ෂකයා නලාවේ සිට ඉවතට තත්පරයට අඩි 11ක වේගයෙන් චලිත වේ නම් දෘෂ්‍ය සංඛ්‍යාතය තත්පරයට වේ. එනම් තත්පරයට 247.50දක්වා දෘෂ්‍ය සංඛ්‍යාතය අඩු වේ. අවස්ථා දෙකෙහිදීම දෘෂ්‍ය සංඛ්‍යාතය ආසන්න අගයක් ගනී. තරුවකින් ලැබෙන ආලෝකය තරුව හා පෘථිවිය එකිනෙකින් ඈත් වන විට වර්ණාවලියේ රූ ආලෝකයෙන් යුත් ප්‍රදේශයට (එනම් අඩු සංඛ්‍යාතයෙන් නැතහොත් දීර්‍ග තරංග ආයාමයෙන් යුත් ප්‍රදේශය) ද, පෘථිවිය තරුව වෙත ළඟා වන විට දම් ආලෝකයෙන් යුත් ප්‍රදේශයටද (වැඩි සංඛ්‍යාතයෙන් නොහොත් කෙටි තරංග ආයාමයෙන් යුත් ප්‍රදේශය) මාරුවේ. මෙසේ පෘථිවියේ චලිතයට අනුව තරුවකින් ලැබෙන ආලෝකය වර්ණාවලියේ පිහිටි ස්ථානය වෙනස් වීම ආලෝකයේ ඩොප්ලර් ආචරණය ලෙස හඳුන්වනු ලැබේ. මෙම වෙනස් වීම හඳුනා ගැනීම තරමක් අපහසු කාර්යයකි. බොහෝ සඟල තරුවලින් (Double stars) නිරීක්ෂණය කළ වර්ණාවලි රේඛා දිවිගුණනය (Doubling) වීම සිදුවන්නේ ඒවා විරුද්ධ දිශාවලට චලිත වන විට පමණක් බව සොයාගෙන ඇත.
(කර්තෘ: ඩබ්ලිව්.එම්.ඩබ්ලිව්. වලිසිංහ)
(සංස්කරණය නොකළ)