නිවිති
වැලි නිවිති හෙවත් අල නිවිතිය, ගස් නිවිතිය කියා නිවිති දෙවර්ගයක් ඇත. වැඩි වශයෙන් ම ආහාර පිණිස ගනු ලබන්නේ එලනිවිතිය. එලනිවිති වනාහි ආහාරයට ව්‍යඤ්ජ පිසීම සඳහා ගනු ලබන ශාක වර්ගයකි. ගස් නිවිති කොළ දේශීය සර්ප විෂ චිකිත්සාවෙහි ප්‍රත්‍යක්ෂ ඖෂධයකි. නිවිති ශාකයට සකු බසින් 'උපොදිකා මානවා අමෘත්තවල්ලි' යැයි කියනු ලැබේ. එලනිවිතිවලට හෙල හෙවත් සුදු පැහැති යන අරුත ලැබුණේ කොළයෙහි ඇතුළු පැත්ත මඳක් සුදු පාට නිසා යැයි සිතිය හැකි ය. එලනිවිතිවල යකඩ ධාතු ගුණය ඇතැයි නවීත මතයක් වේ. නිවිති ශිතවීර්යයි, ස්ත්‍රී ගධයි, ශ්ලේෂ්ම කරයි, වාපිත් නසයි, උගුරට අහිතකරයි, පිමඡ්ලය, නිද්‍රාජනකය, ශුක්‍ර වඩයි, රත්පිත් නසන බලකාරකයි. රුචිකරයි, සුපථ්‍යයි, සුඵටිපකාරක සහ තෘපති ජනක ද වේ.
(කර්තෘ: පී.ඇම්.පී. අභයසිංහ: 1962)
(සංස්කරණය නොකළ)
විශේෂ සටහන්:
නිවිති වර්ග කීපයකි. වැල් නිවිතය රත් නිවිතිය කියා දෙවර්ගයකි. නැවත ගස් නිවිති නමැති පැලෑටියකි. සාමාන්‍ය නිවිතිවලට නිවිතිපලා කියා ද ව්‍යවහාර වේ. එකිනෙකේ ගුණ වෙනස්ය.
එළනිවිති හා රත් නිවිති යනු වැල් නිවිතියෙහි ප්‍රභේද දෙකකි. ගස් නිවිති එයට හාත් පසින් ම අමුතු පැළෑටි වෙසෙසකි.
නිවිතිවලට සකු බසින් 'පොතකි උපොදිකා' යැයි ද දෙමලයෙන් ‘පසලස්’ යයි ද කියනු ලැබේ. නිවිති අගනා ගුණැති එළවළුවකි. එලනිවිති ස්වදේශීය වෛද්‍ය ශාස්ත්‍රයෙහි පිළිකා වෙදකමට ගනු ලැබේ.