දනගිරිගල

සිංහල විශ්වකෝෂය වෙතින්
12:02, 20 මාර්තු 2024 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) විසින් සිදු කර ඇති සංශෝධන

වෙත පනින්න: සංචලනය, සොයන්න

ධනගිරිගල විහාරය මේ විහාරය කොළඹ - මහනුවරමහා මාර්‍ගයේ 51 වැනි සැතපුම් කණුව අසලින් කරිගඩුපොත වන්න හරහා විහිදෙන මාර්‍ගය අසබඩ පිහිටා තිබේ. එම පෙදෙසේ පිහිටි පෞරාණික සිද්ධස්ථාන වන, අම්බුලුගල වාකිරිගල, දොඩන්තලේ විහාර මෙන් මේ විහාරය ද විශේෂයෙන් සම්භාවනීය වූවකි. වෙනත් බොහෝ පුරාවස්තු අතර එහි ඇති තනි කලු ගලෙන් නෙලන ලද මකර තොරණ වි/ර ප්‍රසිද්ධ වූවකි. එය යට තබා ඇත්තේ තාමුලෙංගයෙන් කළ අගනා බත් පිළිමයකි. විහාර ගෘහයෙහි ඇතුළත සතර ඉරියව් නිරූපනය වන ලෙස නිම වූ බුද්ධ ප්‍රතිමා සමූහයන් සහ විෂ්ණු සහ සමන් දෙවිවරුන්ගේ රූප ද තිබේ. සුදු ජයලත් හැට්ටයකින් සැරසුණු ලෙව්කේ දිසාවගේ ප්‍රතිමාවක් ද එහි වෙයි. 18 වැනි සියවසෙහි මහනුවර රාජ්‍යය හා සබබව නොයෙක් වීර ක්‍රියා කළ ලෙව්කේ දිසාව විසින් එම විහාරයේ චිරාස්ථතිය පතා බොහෝ වූ පූජාවන් කළ වග ප්‍රකටය. ඒ බව එහි සුරක්ෂිතව ඇති 1718 දී ලියූ සන්නසකින් පැහැදිලි වෙයි. විහාර ගර්‍භයෙහි ඇති චිත්‍ර අතර මාරයුද්ධය, දිව්‍ය ලෝක්‍ය, සූවිසි විවරණ චිත්‍ර විශේෂ තැනක් දරයි. වෙනත් බොහෝ විචිත්‍ර මාලා, ලතා කර්‍ම ද එහි වෙයි.

ආශ්‍රිත ග්‍රන්ථ

1. H. P. BELL. archaeological Survey Of Ceylon, 1892.

2. Journal Of the Royal Asiatic Society (new) Vol.VI.

(කර්තෘ: හපුගොඩ සුමනතිස්ස ස්ථවිර)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=දනගිරිගල&oldid=5310" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි