අල් අෂා

සිංහල විශ්වකෝෂය වෙතින්
14:45, 11 ජූනි 2024 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('ක්‍රිස්තු සවන ශතවර්ෂයේ දෙවන භාගයෙහි පටන් 629 දක...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

ක්‍රිස්තු සවන ශතවර්ෂයේ දෙවන භාගයෙහි පටන් 629 දක්වා ජීවත් වූ අරාබි ජාතික කවියෙකි.ඔහුගේ සම්පුර්ණ නාමය අබූ බෂීර් මයිමූන් බින්කයිස් අල් බක්රීය.මේ කවියාගේ නිෂ්පාදනයක් වූ මු’අල්ලකා නමැති ග්‍රන්ථයේ ඇතුළත් පද්‍යයක් මුල්කර ගැනීමෙන් අල් අෂා යන ව්‍යවහාර වූ බව කියති. දේශාටනය‍ෙන් ලෝකයේ විවිධ රටවල් පිළිබඳ කරුණු දැනගත් පැරණි අරාබි කවීන් අතර අල් අෂාට උසස් තැනක් හිමිවේ. ඔහුගේ කෘතීන්හි පර්සියානු ආදි විදේශීය භාෂාවන්ට අයත් වචන හා විදේශීය ඓතිහාසික කරුණු ද ඇතුළත් විය. මිදි පානය පිළිබඳව ඔහු ලියූ ග්‍රන්ථවල මේ විශේෂ අංග දක්නට ලැබේ. මහම්මත්තුමාගේ ගුණවර්ණනාත්මක කාව්‍යයක් ඔහු අතින් ලියැවුණු නමුදු හෙතෙමේ කිසිවිටෙකත් ඉස්ලාම් භක්තිය වැලඳ නොගත්තේය.

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අල්_අෂා&oldid=5591" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි