ඉබ්න් අතීයා උල්-ඛාත්ෆි අල් ජරීර්
සිංහල විශ්වකෝෂය වෙතින්
14:53, 11 ජූනි 2024 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(?−728). උමය්යාද් යුගයෙහි විසූ අරාබි ජාතික කිවියෙ...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන
(?−728). උමය්යාද් යුගයෙහි විසූ අරාබි ජාතික කිවියෙකි.හේ මුල් කාලයෙහි ඉරාකයෙහි ද පසුව දමස්කස් නුවර ද විසීය. දෙවැනි ඔමර් රජු විසින් පිළිගනු ලැබූ එක ම කවියා අල් ජරීර්ය. අල් ජරීර් බෙහෙවින් ප්‍රසිද්ධියට පැමිණියේ පරාස්ඩක් සහ අක්තල් යන කවීන්ට ප්රතිපක්ෂව ක්‍රියා කළ හෙයිනි. සමකාලීන අනෙක් කවීන්ගේ මෙන් ම අල් ජරීර්ගේ ද නිබන්ධ උපහාසාත්මක පද්‍යවලින් සහ ප්රශස්තිවලින් පරිපූර්ණ විය. මෙතෙමේ පශ්චාත් මුස්ලිම් යුගයෙහි පළමු ශතවර්ෂයේ විසූ මහාකවීන් සිවුදෙනා අතුරෙහි ගැනේ.
(සංස්කරණය: 1965)