ඔබාෆෙමි අවොලෝවෝ

සිංහල විශ්වකෝෂය වෙතින්
15:09, 11 ජූනි 2024 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('නයිජීරියානු නිදහස් සටනේ නායකයකු වූ මෙතෙම බටහ...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

නයිජීරියානු නිදහස් සටනේ නායකයකු වූ මෙතෙම බටහිර නයිජීරියාවේ ප්‍රධාන අමාත්‍ය පදවිය මුලින් ම දැරූ තැනැත්තා ය.

නයිජීරියාවේ යොරුබා නම් වූ බලසම්පන්න ගෝත්‍රයට අයත් මෙතෙම දුකසේ අධ්‍යාපනය ලැබ මැදිවියේ දී එංගලන්තයට ගොස් උපාධි ලබා සියරටට පැමිණ නීතිඥ වෘත්තියෙහි යෙදුණේය.

නයිජීරියාවේ නිදහස පිණිස අසිකිවේ (බ.) ගේ මෙහෙයීමෙන් ඒ අවධියේ දී රටේ බලවත් උද්ඝෝෂණයක් පැවැත්තේය. අසිකිවේ ඉබෝ ගෝත්‍රිකයන්ට විශේෂ තැන දී ක්‍රියා කරතියි සැක කළ යොරුබා ගෝත්‍රිකයෝ ද සංවිධානය වූහ. 'ක්‍රියාකාරි කණ්ඩායම' නමින් ඔවුන් පිහිටු වූ පක්ෂයෙහි නායකත්වය දැරුවේ අවොලෝවෝය.

1960 දී නිදහස් නයිජීරියානු පැඩරල් රාජ්‍යයේ විරුද්ධ පක්ෂයේ නායක පදවියට ඔහු පත් විය.

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඔබාෆෙමි_අවොලෝවෝ&oldid=5597" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි