අබු උත්මාන් අමිර් ඉබ්න් අල් ජාහිස්
(?-869). අරාබි ගද්‍ය සාහිත්‍යය පෝෂණය කළ ආදිම ලේඛකයන්ගෙන් කෙනෙකි.
අල් ජාහිස්ගේ ජීවන චරිතය පිළිබඳ තොරතුරු අප්‍රකට වුවද මොහු බස්රා නුවර ජීවත් වූවකු බව පෙනේ. විශිෂ්ට සාහිත්‍යයක් ගොඩ නැගීමට මුළු ජීවිත කාලයම ගත කළ මොහුට විශාල ශිෂ්‍ය පිරිසක් වූහ.
මුතාසිල් නම් නිකායකට අයත් විශ්වාසයන් පිළිගත් මොහු විසින් ස්වාධීන දාර්ශනික මත අනුව සිය නමින් අලුත් නිකායක් පිහිටුවන ලදි.
ග්‍රීක විද්‍යා සහ දර්ශනය, පාරසික ශිල්ප ශාස්ත්‍ර සහ ජනකථා කෙරෙහි මහත් සැලකිල්ලක් ඇති ව සිටි අල් ජාහිස් පැරැණි අරාබි ශිල්ප ශාස්ත්‍රයන් ද මැනවින් හදාළේය.
කාව්‍යාලංකාර විෂය කොට ගෙන ලියන ලද 'කිතාබ් අල් බයාන් වට්ටබ්යින්' නම් ග්‍රන්ථය ද වාග්විද්‍යාත්මක කෘතියක් වන 'කිතාබ් අල් හයවාන්' නම් කෘතිය ද ඇතුළු මොහුගේ කුදු මහත් ග්රන්ථ රාශියක්ම සකස් කොට මුද්‍රණයෙන් ප්‍රකාශයට පමුණුවා තිබේ.
(සංස්කරණය: 1965)