ආකාශ ගංගාව-2

සිංහල විශ්වකෝෂය වෙතින්
13:21, 3 ජූලි 2024 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('පරාක්‍රමබාහු I රජු විසින් කරවන ලද මහාමාතිකාවක...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

පරාක්‍රමබාහු I රජු විසින් කරවන ලද මහාමාතිකාවකට ව්‍යවහාර වූ නාමයකි. කර (කාර) ගඟ හරහා ගල් බැම්මක් බැඳ ජලය අවුරා එහි වූ මහාජල ස්කන්ධය පරාක්‍රම සමුද්‍රය නමින් ප්‍රසිද්ධ මහවැවට පැමිණවීමට කරවන ලද මහාමාතිකාව ආකාශ ගංගා නම් වී යයි චූළවංසයේ සඳහන් වේ.

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ආකාශ_ගංගාව-2&oldid=5739" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි