වාමන් ශිවරාම් ආට්ටේ

සිංහල විශ්වකෝෂය වෙතින්
08:02, 10 ජූලි 2024 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(1858–1892). සුප්‍රසිද්ධ ග්‍රන්ථ කර්තෘවරයකු ද දක්ෂ ග...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

(1858–1892). සුප්‍රසිද්ධ ග්‍රන්ථ කර්තෘවරයකු ද දක්ෂ ගුරුවරයකු ද ජාතිහිතෛෂියකු ද වූ ආප්රේ ක්‍රි.ව. 1858 දී මහාරාෂ්ට්‍ර දේශයෙහි අසෝලෝපාල් නමැති කුඩා ගමේ දී උපත ලැබීය. එහි දී ම මූලික අධ්‍යාපනය ලබා ඩෙකාන් අග්‍ර පාඨශාලාවේ මහාචාර්ය කීල්හෝන් මහතා යටතේ වැඩිදුරටත් ශාස්ත්‍රෝද්ග්‍රහණය කළ හෙතෙම 1877 දී සංස්කෘත පිළිබඳව පිරිනැමුණු භාවුදාජි ත්‍යාගය ද 1879 දී ඇම්.ඒ. විභාගයෙන් සමර්ථවීමෙන් භගවන්දාස් ත්‍යාගය ද දිනාගත්තේය. මෙසේ උපාධි ලැබීම නිසා පහසුවෙන් ම රජයේ උසස් තනතුරකට පත්විය හැකිව තිබුණ ද තමා තුළ පැවති ජාත්‍යනුරාගය හේතුකොටගෙන ආප්ටේ ඒ ගැනසිත යොමු නොකෙළේය. ජාතික අධ්‍යාපනය දියුණු කිරීම සඳහා ඔහු බලවත් පරිශ්‍රමයක් දැරීය. පසු කාලයෙහි ෆර්ගසන් අග්‍රපාඨශාලාව පිහිටුවන ලදුව හෙතෙම එහි ප්‍රධානාචාර්යයවරයා ද සංස්කෘත පිළිබඳ මහාචාර්යවරයා ද විය. ඔහුගේ ජීවිත කාලය අවුරුදු 34කට සීමා වුව ද ඒ කාලය තුළ ප්‍රායෝගික ඉංග්‍රීසි අකාරාදියක් ද සංස්කෘත කෝෂ ග්‍රන්ථ කීපයක් ද ඔහු විසින් සම්පාදනය කරනු ලැබීය. මහාරාෂ්ට්‍රයේ පුවත්පත් කලාවේ දියුණුවට ද ඔහුගෙන් මහත් සේවයක් සිදුවිය.

(සංස්කරණය: 1965)