ආයක
ලංකාවේ චෛත්‍යපාදයන්හි සිව් දිගින් පිහිටි වාහල්කඩ පුරාණයේ දී මෙනමින් හැඳින්විණ. කනිට්ඨතිස්ස රජු (ක්‍රි.ව. 226 පමණ−244) විසින් අභයගිරි දාගැබෙහි තනවන ලද දකුණු වාහල්කඩ අබිමුව පිහිටි ශිලාලිපියක 'අයික' (=ආයක) නාමය සඳහන් වේ. ඉන්දියාවේ ආන්ධ්‍ර ප්‍රදේශයට අයත් අමරාවතියෙහි සම්භ වූ ශිලාලිපිවල ද 'ආයක' නාමය දැක්වේ. ආයක යනුවෙන් දොරටුව යන්න අදහස් වේ යයි බ’ජස් කියයි. ජග්ගය්යපේට හා නාගාර්ජුනකොණ්ඩ යන ස්ථානයන්හි ශිලාලිපිවල “ආයක-ඛම්භ” යන්නක් සඳහන් වෙයි. අමරාවතී ගල් කැටයම්වල දැක්වෙන අයුරු සතර වේදිකාවන් මත පිහිටි කුලුනුවලට ආයක-ඛම්භ නාමය යෙදූ බැව් පෙනේ. මෙම කුලුනු පිහිටුවා තුබූ වේදිකාවන් “ආයක” නමින් හැඳින්වූ බැව් ලෝංහ'ස්ට්, ෆෝගල් ආදීහු අදහස් කරති. නාගාර්ජුනකොණ්ඩයේ ආයක වේදිකා කැටයම් කළ කිරිගරුඬ පුවරුවලින් අලංකාර විය. ආන්ධ්‍ර ස්තූපයන්හි ආයක වේදිකා හා ලංකාවේ වාහල්කඩ අතර සමානත්වයක් පෙනෙතත් නිර්මාණ විධීන් අනුව ඒවා එකිනෙකට වෙනස් වේ. ආන්ධ්‍ර ස්තූපයන්හි ආයක වේදිකාවන් මත දැක්වෙන, ගණනින් පහක් වූ, ආයකඛම්භයන් ලංකාවේ වාහල්කඩවල යොදා නොමැතියි. තනි ගලින් නෙළන ලද මෙම ආයකඛම්භයන්ගේ ප්‍රභවය හා ඉන් අභිප්‍රේත පරමාර්ථය අවිනිශ්චිතය. (වාහල්කඩ බ.)
(සංස්කරණය: 1965)